ලාංකික ගෘහ සේවිකාවන් 5ක් සෞදියේ සිර කරගෙන

 



ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 5 දෙනෙකු වද හිංසාවට ලක්කරමින් සෞදියේ සකාක්හි ගොඩනැගිල්ලක සිරකර සිටින බව වාර්තා වේ.

එලෙස සිරකර සිටින්නේ , කුරුණෑගල පෞද්ගලික ඒජන්සියක් මාර්ගයෙන් ගෘහ සේවිකාවන් ලෙස සෞදියේ රැකියා සඳහා ගිය කාන්තාවන් පස් දෙනෙකි.

අදාළ ස්ථානයේ සිට නිදහස් වී දිවයිනට පැමිණි ඇහැලියගොඩ කාන්තාවකගෙන් එම තොරතුරු අනාවරණ විය.

කුරුණෑගල පෞද්ගලික ඒජන්සියේ සෞදියේ පිහිටි ගොඩනැගිල්ලක දැනට සිරකර සිටින කාන්තාවන් දැඩි වද හිංසාවට ලක්වන අතරම ඔවුන්ට නිසි පරිදි ආහාර පවා නොලැබෙන බව ඇය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

Post a Comment

0 Comments