ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දැමීමට තීරණයක්...

 



දීපාවලි උත්සවය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් අනිද්දා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේද, මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර සෙසු ප්‍රදේශවල සියලු සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම්වරුගෙන් ලද ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.

Post a Comment

0 Comments