පසුගිය සති අන්තය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත කළේ බෙන්තොටය. සාමාන්‍යයෙන් බෙන්තොට ප්‍රදේශය ජනාධිපතිවරයාගේ සිත් ගත් ප්‍රදේශයක් ලෙස ප්‍රචලිතය.
රටේම ප්‍රශ්න විසඳන අතර පක්ෂයේ මතු වී ඇති ප්‍රශ්නද විසඳීමට තිබෙන බැවින් ජනාධිපතිවරයා මෙසේ බෙන්තොට ගොස් ඇත. මෙහිදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීරණාත්මක තීන්දු කීපයක් ජනාධිපතිවරයා විසින් ගෙන තිබිණි.
ඒ අතර පක්ෂයේ ප්‍රධානතම තනතුරු 4ක් වෙනස් කිරීමට ගෙන ඇති තීන්දුව මේ වන විටත් පක්ෂය තුළ කතා බහක් ඇති කිරීමට සමත් ව තිබේ. පක්ෂයේ මහලේකම්, සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික යන තනතුරු මේ අනුව වෙනස්වීමට නියමිතය.
මෙතෙක් පක්ෂයේ මහලේකම් ධුරය දැරූ පාලිත රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් දිගින් දිගටම පාක්ෂිකයන්ගෙන් එල්ලවන චෝදනා නිසා එජාප මහලේකම් ධුරය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට භාර දීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව පැවසේ.
රවි පක්ෂයේ කා අතරත් හොඳ හිත වර්ධනය කරගෙන තිබීමත් දක්ෂ කළමනාකරුවකු වීමත් නිසා ඉදිරි මැතිවරණවලදී පක්ෂය ජයග්‍රහණය කරාගෙන යාමට රවිට විශාල හැකියාවක් ඇති බව රනිල් අවබෝධ කරගෙන සිටින බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එසේම මේ අවස්ථාවේදී එජාපය දරුණු මූල්‍ය අර්බුදයක සිටින බැවින් ඊටද හොඳම විකල්ප රවි සතුව ඇති බව රනිල් තරයේ විශ්වාස කරන බව පැවසේ. ජාතික සංවිධායක සාගල රත්නායක ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පදවියේ කටයුතු කරන බැවින් ජාතික සංවිධායක තනතුරේ කටයුතු නිසි පරිදි සිදු කිරීමට කාලය සොයා ගැනීමට අපහසු බැවින් තමා ජාතික සංවිධායක තනතුරින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.
කෙසේ වෙතත් රවි කරුණානායකගේ නම හැර අනෙක් තනතුරු සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තවමත් අවසන් නිගමනයකට පැමිණ නැති බව පැවසේ.
නමුත් භාණ්ඩාගාරික තනතුර රවි සමග සමීපව කටයුතු කළ හැකි පුද්ගලකුට පිරිනැමීමට රනිල්ගේ අවධානය යොමුවී ඇති බව කියයි. කෙසේ වෙතත් පසුගිය දිනක ජනාධිපති මාධ්‍ය අංශය වෙත නිකුත් කළ නිවේදනයක පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ නම සඳහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ජාතික සංවිධායක ලෙසයි.
අකිලගේ මේ නව තනතුර සඳහා සුබ පැතීමට මාධ්‍යවේදියකු අකිලට දුරකතනයෙන් ඇමැතූ අවස්ථාවේදී අන්දුන්කුන්දුන් වූ අකිල අදාළ මාධ්‍යවේදියාට පවසා ඇත්තේ ‘‘බලපං මචං මේ යක්කුන්ට හරියට මිනිහකුගේ නමක් ලියා ගන්න බෑනේ’’ යනුවෙනි.


0 Comments