හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු අද (18) ඒ බව සඳහන් කළේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ නැවත දිවයිනට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තියෙනවා ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, “ඒ වගේ දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ දී කිසිදු සාකච්ඡාවක් වුණේ නෑ. ස්ථිර වශයෙන්ම” යනුවෙන්.

0 Comments