ඛනිජ තෙල් සේවකයින් අද ලෙඩ නිවාඩු...

 



ඛනිජ තෙල් වෘත්තිය සමිති අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබේ.

ඒ, අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවයි.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඛනිජ තෙල් බෙදා හැරිමේ කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අශෝක රංවල සඳහන් කළේ ය.

Post a Comment

0 Comments