විදේශගතව සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පානදුර කුඩු සලිදු නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
එම ගිනි අවියට අමතරව සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 6 මිලිග්‍රෑම් 555 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව මොරටුව උපනන්ද මාවතේ සැකකරු පදිංචි නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී මත්කුඩු සහ ගිනි අවිය සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු සන්තකේ තිබූ ගිනි අවිය පසුගිය දිනවල මොරටුව සහ අවට ප්‍රදේශවල සිදු වූ සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑමට යොදාගත් එකක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා සැකකරු සම්බන්ධයෙනි රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.
සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙකි.
කොළඹ අපරාධ කොට්ඨාස මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි

0 Comments