පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමට B කාණ්ඩයේ සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය.
ඒ, ස්කොට්ලන්තය පරාජයට පත්කරමින්.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 132ක් රැස්කර ගැනීමට සමත් විය.
ස්කොට්ලන්ත පිල වෙනුවෙන් ජෝජ් මන්සි ලකුණු 54ක් රැස්කර ගත්තේ හතරේ පහර 7ක් ද සමගිනි.
අනතුරුව පිටියට පැමිණි සිම්බාබ්වේ පිල පන්දුවාර 18යි පන්දු 3කදි කඩුළු 5ක් දැවී ලකුණු 133ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව සිම්බාබ්වේ පිල පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට සුදූසුකම් ලබා තිබේ.

0 Comments