පොලිසියෙන් අල්ලපු දවසේම හිරෙන් පනිනවා කියලා හිතාගෙනයි මම ගෙදරට ආවේ. මට හිරගෙදර අඩි විස්සේ තාප්පෙන් පනින්න ගියේ විනාඩි තුනයි. ටරට්වල ඉන්න අය ගාව තුවක්කු තියෙනවා කියලා දැනගෙන හිටියා නම් කවදාවත් හිරෙන් පනින්නේ නැහැ.’ යැයි වැලිකඩ හිරගෙදරින් පැන දින විසිදෙකකට පසු හිරගෙදරදීම හමු වූ ස්පයිඩර් මෑන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිරකරුවකු බන්ධනාගර නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබේ.
35 හැවිරිදි සුරංග දිනේෂ් නමැති මෙම සිරකරු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු වී දෙමසක සිරදඬුවමක් නියම වී තිබුණි. වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි මෙම පුද්ගලයා සැප්තැම්බර් 15 වැනිදා සිට හිරගෙදරින් අතුරුදන් වී තිබූ අතර බන්ධනාගාර නිලධාරින් දින 3ක් තිස්සේ හිරගෙදරම පීරා බැලුවද ඔහු සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

0 Comments