හික්කඩුව ප්‍රධාන පෙළේ ජාතික පාසලක භූමිය තුළ සිදුකළ වැටලීමකින් හොරයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 8 මිලි ගෑම් 229 පොලිසිය භාරයට ගෙන ඇත.
කාලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම කඳවුරේ නිලධාරින් විසින් වැටලීම සිදුකර ඇත.
වයස අවුරුදු විසි දෙකක් වන අත්අඩංගුවට ගත් සැකකාරිය හික්කඩුව කළුපෙ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලීසිය වෙත භාර දී ඇත.


0 Comments