එල්ටීටීඊ සංවිධානය සමඟ අවසන් සටන සිදු කළ නන්දිකඩාල් කලපුව අසල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෝටාර් සහ බෝම්බ සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එහි තිබී මිලි මිටර් 60 මෝටාර් උණ්ඩ තුනක්, ආරුල් බෝම්බ එකක් සහ හඳුනා නොගත් අත්බෝම්බයක් හමුවී ඇත.
විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
සැකකරුවන් කිසිදු අයෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි.
පුපුරණ ද්‍රව්‍ය තොගය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.


0 Comments