අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ දේහය අනුරාධපුරට...
October 19, 2022
අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ දේහය අද පස්වරු 5 ට පමණ අනුරාධපුරයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.
මහජන ගෞරවය සඳහා එහිදී ඉඩ සලසා තිබේ
දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සෙනසුරාදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
මේ සඳහා පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දෙන අතර රජයේ කිසිදු මුදලක් මේ සඳහා භාවිතා නොකිරීමටත් එම මුදල් දායක සභාවෙන් යොදා ගැනීමටත් අටමස්ථාන විහාර අධිපතිවරුන් සහ දායක සභාව තීරණය කර තිබේ.
0 Comments