පවතින අධික වර්ෂාවත් සමඟ කුඩා ගඟ පිටාර ගැලීම හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.
ඒ හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල, ඇටබගස් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.
ඊයේ රාත්‍රිය වන විට කුකුලේ ගඟ ඉහළ ප්‍රදේශවලට ඇදහැලුනු අධික වර්ෂාපතනයත් සමඟ කුකුලෙගග ජලාශයේ වාන් දොරටුවක් විවර කර ඉන් තප්පරේට ඝන මීටර 96 ක පමණ ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන අතර මේ හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ම ජලයෙන් යටවි ඇත

0 Comments