කුසල්ගෙන් අර්ධ ශතකයක්...

 


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීම සදහා මේ වන විට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේදි අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

කුසල් අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 34කදීයි.

ඔහුගේ එම අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

ඔහු අද මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් දිවියේ 9වන අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 3ක් දැවී ලකුණු 105ක් රැස්කර ගෙන සිටියි.

Post a Comment

0 Comments