හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු ‘ යන ජන රැලියක් අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්වූණි
එහි දී අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට දේශපාලනිකව යහමඟට හැරී ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ ඉදිරි ගමනට සහාය දක්වන බව ප්‍රකාශ කළේය.
එම රැළියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක්ව සිටියේය.

0 Comments