ප්‍රභල ක්‍රීඩකයින් දෙදෙනෙක් ලෝක කුසලානයෙන් ඉවතට...


මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබේ.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධවලට ලක්වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේය.

ඔවුන් වෙනුවට කසුන් රාජිත හා අශේන් බණ්ඩාර සංචිතයට නම් කර ඇති අතර, ඒ සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී යි දුෂ්මන්ත චමීරගේ වම් පාදයේ ආබාධයක් සිදුවිය.

ධනුෂ්ක ගුණතිලක ද පාදයක ආබාධයකට ලක්ව සිටි බැවින් ඊයේ පැවැති තරගය සදහා ඔහු ක්‍රීඩා කළේ නැත.

කසුන් රාජිත මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර, ඔහු කඩිනමින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතය සමග ඔස්ට්‍රේලියාවේ මෙතෙක් රැදී සිටියේ අතිරේක ක්‍රීඩකයෙකු වශයෙනි.

ලෝක කුසලානයේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Post a Comment

0 Comments