තාවකාලිකව නවතා තිබු කැලණිවැලි මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වෙනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) රාත්‍රී දක්වා එම කොටස තාවකාලිකව වසා තැබුණි.
මේ හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබූ අතර අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පළමුවරට කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රී අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments