තද වැසි ගැන අනතුරු අඟවයි...

 


හෙට (09) දිනයේ ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවරගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම පළාත්වලට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

මීට අමතරව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යාහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Post a Comment

0 Comments