කාන්තා සිරකුටි ගැන කතාබවක්...

 



කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය.

දැනට බන්ධනාගාරවල සිරකාරියන් වෙනම රඳවා තැබුවත් කාන්තාවන්ට වෙනම ස්ථාන වෙන් කිරීම වැදගත් බවද ඇය ප්‍රකාශ කළාය.

අතුකෝරල මහත්මිය මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පහක් සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

බන්ධනාගාර සඳහා වෛද්‍ය මණ්ඩල පත් කිරීමේදී එම ක්‍රියාවලිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම සහිතව සිදුවීම වැදගත් බවද අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

Post a Comment

0 Comments