පාස්පොට් නිකුතුව රොකට් වේගයෙන් ඉහළ යයි...

 



විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කොට ඇති දත්ත පෙන්වා දෙන්නේ 2022 වසරේ ජනවාරි සිට ජුලි දක්වා පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බවයි.

එය පසුගිය වසර කිහිපය සහ සැසදීමේදී සැළකිය යුතු ලෙස ඉහළ යාමක්.

පසුගිය සැප්තැම්බර් 30 වන දින විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර විසින් නිකුත් කළ ටිවිට්ර් පණිවිඩයක දැක්වුණේ එම ප්‍රමාණය තවදුරටත් 233,756 දක්වා වැඩි වී ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට මසකට සාමාන්‍යයෙන් විදේශ ගමන් බලපත්‍ර 78,000 ක් පමණ නිකුත් කරන බවයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා නිකුත් කොට ඇති ගමන් බලපත්‍ර සංඛ්‍යාව 590,260 ක්

මේ සම්බන්ධව අරුණ වෙබ් අඩවිය කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර කියා සිටියේ “ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ දිනට ලැබී ඇති අයදුම්පත් සියල්ලම ලබා ගනිමින් කාර්යාල වේලාවෙන් පසුවත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාව සිදුකරමින් පවතින බවයි.

Post a Comment

0 Comments