ඉකුත් මස 29 වැනි දින සැකකාරියගේ ස්වාමියා මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මොරටුව මෙන්ඩිස් මාවත නිවසක් තුළදී පියා ඝාතනය කර තිබූ අතර පුතු ඝාතනය කර තිබුණේ පිළියන්දල දම්පේ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ අසල දී ය.
මියගිය අයවලුන්ට අයත්ව තිබූ මොරටුව මෙන්ඩිස් මාවතේ පිහිටි පර්චස් 12 කින් යුත් ප්‍රමාණයක නිවස පිහිටි ඉඩම අත්පත් කර ගැනීම සඳහා මෙම ඝාතනයන් සිදු කර තිබිණි.
පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලකින් අනතුරුව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ ඇතුළු කණ්ඩායමක් සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාරිය අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


0 Comments