මාළු මිල පහළට...

 


පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ කුඩා මසුන්ගේ මිල ගණන් මේ වනවිට (09) පහත වැටී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංගමය පවසයි.

එහි සභාපති ජයන්ත වික්‍රමආරච්චි කියා සිටියේ මසුන් අස්වැන්න වැඩි වීම මීට හේතු වී ඇති බවය.

මේ අතර, ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින්ට ලබාදෙන භූමිතෙල් ප්‍රමාණය සීමා කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න කහවත්ත කියා සිටියේ සතියකට ප්‍රමාණවත් භූමිතෙල් මීට පෙර එකවර ලබාදුන්නත්, ඉදිරියේදී දින 03 ත්, 04 ත් අතර කාලයක් සඳහා ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවය.

භූමිතෙල් සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් මෙලෙස භූමිතෙල් සීමා කර ලබාදීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්දින ධීවර යාත්‍රා සඳහා මෙතෙක් ලබාදුන් පරිදිම දිනපතා භූමිතෙල් ලබාදීම සිදුකෙරෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments