ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විමත් සමග ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රවේශවීමට හැකි බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.
එමගින් ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වන අතර ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බව අමාත්‍යවරයා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර තිබේ.
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිම වැඩි ඡන්ද 60කින් ඊයේ (18) සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 77ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබී තිබුණි.
කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මෙලෙස අදහස් දැක්විය.
“අපේ රටට ඉතාමත් අවාසනාවන්ත දිනයක් උදා වුණා. මේ දිනය වෙනස් කර ගන්න, මේ අවාසනාව වෙනස්කර ගන්න ඛනිජ තෙල් ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය සමති සියලුදෙනා එකතුවෙලා බරපතළ උත්සහායක් දැරුවා, මේක වෙනස් කරලා මේ රටට සුවදායි දිනයක් බවට පත්කරගන්න. අඳුරු වලාකුළුවලින් පිරිලා තියෙන දවස ඒ අඳුර වගේම අඳුරු යුගයක් බවට පත්කරන්න අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ අය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා වෘත්තීය සමිති විදිහට දැඩි කලකිරීමකින් මේ කියන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු ? ඔවුන් මඟහැරියේ මොකද ? ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට පොහොට්ටුව මේ රටේ ජනතාවට වගකියන්නේ නැහැ කියලා අපි පැහැදිලිවම දන්නවා. හැබැයි මේ විප්කෂයේ මන්ත්‍රීවරු කොහෙද හැංගුණේ. ඔවුන්ට මේක දිනාගන්න අතහැරලා 17 සීමාකරගෙන අනිත් අය හැංගිලා මඟහැරියා කියන්නේ ඒ් මඟහැරපු සියලුදෙනාම පොහොට්ටුවේ මේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.”

0 Comments