විරෝධතාකරුවන්ගෙන් පැමිණිල්ලක්...



ගාලු මුවදොර පිටියේ ඊයේ (09) පැවැත්වූ විරෝධතාවය අතරතුර දරුවන්ට සහ කාන්තාවන්ට හිරිහැර සිදුකළ බවට පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ විරෝධතාවට සහභාගී වු විරෝධතාකරුවන් කිහිපදෙනෙකු විසින් කොටුව පොලීසියට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැමිණිල්ල ඉදිරිපත් කළ නිපුන් තාරක පරණවිතාරණ පැවසුවේ පීඩාවට පත් වූ දරුවෙකු මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ඊයේ විරෝධතාකරුවන් පිරිසක් ගාලු මුවදොරට රැස් විය.

එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා පොලීසිය කටයුතු කළ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයත් ඇති විය.

එහිදී පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්විය.

Post a Comment

0 Comments