උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්..

 





උතුරු කොරියාව විසින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ.

බැලැස්ටික් මිසයිල දෙකක් ඔවුන් මෙලෙස දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි.

එය ජපාන බලධාරීන් විසින් ද තහවුරු කර තිබේ.

ඒ අනුව සති දෙකක කාලයක් තුළ උතුරු කොරියාව සිදුකළ 7 වන මිසයිල අත්හදාබැලීම මෙය වන බව වාර්තා වේ.



අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව එක්ව ආරම්භ කළ නාවික අභ්‍යාසයට‍ විරෝධය පළ කරමින් උතුරු කොරියාව මෙම මිසයිල දියත් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

Post a Comment

0 Comments