ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) රැස් වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා විය.
එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම නිසා ඒ් පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව ද එහිදී සාකච්ඡා කෙරිණි.
ඒ් නිසා මෙරට ජනතාවගේ ඖෂධ අවශ්‍යතාවය සහ එය සපුරාලීමට අත්‍යවශ්‍ය ඖෂධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා කොවිඩ් 19 වසංගත සමයේ පැවති ආකාරයේ ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් නැවත ස්ථාපනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
විශේෂඥ වෛද්‍යවරු,සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීහු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


0 Comments