මේ දින වල රටම කතාවන නගරය බකමූණ...
October 11, 2022
මෙම වෙන්දේසිය මෙහෙයවා ඇත්තේ මාතලේ හඳුන්ගමුව පදිංචි කේ. දිනුෂිකා ප්‍රනාන්දු සහ කේ. දිල්රුක්ෂි ප්‍රනාන්දු යන සහෝදරියන් විසින්ය. ඔවුන් මාතලේ හඳුන්ගමුව ජාතික පාසලේ අධ්‍යාපනය ලබයි. වැඩිමහල් සහෝදරිය වන දිනුෂිකා ප්‍රනාන්දු මේ වන සරසවි වරම් ලබා ඇති අතර අනෙක් සහෝදරිය දස වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන්නීය. මොවුන් මේ ආකාරයෙන් විරිදු කියමින් සල්පිල් වෙන්දේසිය සිදුකරනු ලබන්නේ වසර පහක සිටය.
බකමූණ මහසෙන් අවමංගල්‍යාධාර සමිතිය විසින් සංවිධාන කර තිබූ ගීත නාට්‍ය වැඩසටහනක් අතරතුරදී මෙම සල්පිල් වෙන්දේසිය පවත්වා තිබුණි. එහීදි සල්පිල සඳහා කුසුම් බඳුන්, විවිධ වූ ආහාර ආදිය තිබුණද ඒ අතරින් වැඩිම මිලකට වෙන්දේසි වී තිබුණේ රොටි සහ බීම බෝතලයයි. මෙය මිලදී ගෙන තිබුණේ එම ගම්මානයේම වැසියකු විසින්ය. එහි සැබෑ මුදල රුපියල් හත්සිය පනහක් පමණ බව එය මෙහෙයවූ දිනුෂිකා ප්‍රනාන්දු ‘අරුණ’ට කියා සිටියාය. මෙය හුදෙක් විනෝදාංශය උදෙසා සිදුකරන්නක් බවද ඇය වැඩිදුරටත් කීවාය.
0 Comments