පා පැදි හොරාගේ මොළ හතේ වැඩ...

 



කහතුඩුව ඇතුළු ප්‍රදේශ රැසකින් සොරාගත් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා පා පැදි ඇතුළු උපකරණ රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී පාපැදි දහයක් ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඉකුත් කාලය පුරා ප්‍රදේශ රැසකින් නැති වූ මෙම පාපැදි සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.



39 හැවිරිදි සැකකරු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Post a Comment

0 Comments