නගරයක දුම්රිය ගමනාගමනය නවතී...

 



යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ – නොවිඔස්කොල් නගරයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මිසයිල ප්‍රහාර රැසක් දුම්රිය මාර්ගය ආසන්නයට පතිතවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය ගමනාගමනය අත්හිටුවීමත් සමඟ නගරයේ 18,000 ක් පමණ වන වැසියන් අසීරුතාවලට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේනය සහ රුසියාව අතර එම කලාපයේ සටන් මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

Post a Comment

0 Comments