හොරණ වගවත්ත ප්‍රදේශයේ මැණික් පතලකට වැටී පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි හොරණ පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.
පවතින වර්ෂාව හේතුවෙන් පතල තුළ තිබෙන ජලය මෝටරයක් දමා ඉවත් කිරීමට යාමේදී පය ලිස්සා වැටීමෙන් මෙම අනතුර වී ඇත.
අතුරුදන් පුද්ගලයා සෙවීම සඳහා පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් යෙදවීමට නියමිත ය.

0 Comments