සියලු රාජ්‍ය ආයතනවල කටයුතු අද (10) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මයාදුන්නේ පවසයි.
පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ද සාමාන්‍ය පරිදි සිදුකෙරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
ඊයේ (09) දිනට යෙදී තිබු පොහොය නිවාඩුව හේතුවෙන් අද දිනයේ දී බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා පමණක් නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments