කරවල මිලේ වෙනසක්...

පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් පවසයි.

ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් එම අදහස් පළ කළේය.

“පහුගිය කාලේ එක්ක බලද්දි කරවල මිලේ වෙනසක් වෙලා තියෙනවා. 30% – 35%ක අඩුවීමක් තියෙනවා කරවල, මාළු. ඒකට හේතුව තමයි දේශීය දේවල් එනවා. ඒ එක්කම පාරිභෝගිකයාට අමාරුකම් තියෙනවා. ඉස්සර කිලෝ එකක් ගත්ත අය දැන් අඩුවෙන් ගන්නේ. කට්ටා කරවල රු 2,200ටත් රු 2,100ටත් ගියා. දැන් රු 1,600ටත් රු 1,700ත් අතර. බල කරවල රු 1,300 – රු 1,200ට තිබුණා දැන් තොග ගාන රු 800ක් වෙනවා.”

Post a Comment

0 Comments