හමුදා ඉතිහාසයේ පළමු වරට හමුදාපති ප්‍රශංසාත්මක ලාංඡන ප්‍රදානය කරයි...

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවර සිය අභිමානවත් 73 වන සංවත්සරය වර්ණවත් කළේ සුවි⁣ශේෂි අංගයක් ද සමගයි.

ඒ එදා මෙදා තුර කිසිදු හමුදා නිළධාරියෙකුට හෝ සෙසු නිළයෙකුට නොලැබුණු ‘හමුදාපති ප්‍රශංසාත්මක ලාංඡන’ (Commander Of The Army – Commendation) හමුදා ඉතිහාසයේ පළමු වරට නිළධාරීන් 4 දෙනෙකුට සහ සෙසු නිළයින් 15 දෙනෙකුට ප්‍රදානය කිරීම මඟිනි.

රාජකාරීයේ යෙදී සිටිය දී හෝ ඉන් පිටත දී දේශයේ/ හමුදාවේ උන්නතිය වෙනුවෙන්, හමුදාවේ කීර්තිනාමය ඉහළ නැංවීම වෙනුවෙන් විශිෂ්ට ම සේවාවක් කළ මෙම දහනව දෙනාට සියතින් ම මෙම නව පදක්කම් පැළඳවීම මගින් හමුදාපතිවරයා සිය ප්‍රසංශාව පළ කළා.

ඒ අනුව Commander Of The Army- Commendation නම් පදක්කම හිමි කර ගත් පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වන්නේ යුද්ධ හමුදා ලුතිනන් කර්නල් වරයෙක්.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක රෙජිමේන්තු ගීත ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විද්‍යාල ගීතය ද බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ බලකා ගීතය ද නිර්මාණය කොට ඇති ඔහු වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් වීම විශේෂත්වයක්.

ඉතා ම අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දී තම ජීවිතය පවා පරදුවට තබා සිවිල් ජීවිත බේරා ගත් කිහිප දෙනෙකු ද, අල්ලසට යට නොවී අධික ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකු ද මේ අතර සිටිනවා.

නිර්භීත කාන්තා සෙබළියන් සිව් දෙනෙකු ද මෙම පදක්කම් ලාභීන් අතර සිටීම තවත් විශේෂත්වයක්.



ඉදිරියට ද සෑම වසරකදී ම මෙම පදක්කම පිරිනැමීම මගින් හමුදා සාමාජිකයින් නව ජීව ගුණයෙන් යුතුව හමුදාවේ/ දේශයේ උන්නතිය සහ අභිමානය වෙනුවෙන් ක්‍රියා කරවීමට උනන්දු කෙ⁣රේ.

Post a Comment

0 Comments