රට ලේ විලක් වන දවසක් ගැන කිරිඇල්ලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

 



මාර්තු මාසයට පෙර මැතිවරණයක් නොපැවැත්වුවහොත් රට ලේ විලක් බවට පත්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

එබැවින් කුමන ක්‍රමයකට හෝ මැතිවරණයක් පවත්වා ජනතා අභිලාෂයට ඉඩ දිය යුතු බවයි ඔහු මෙහෙදී වැඩිදුරත් සඳහන් කලේ.

විපක්ශ නායක සජිත් ප්‍රේමදාස සමගින් මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ, අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම ප්‍රකශය සම්බන්ධයෙන් යලි අරුණ වෙබ් අඩවිය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කල ප්‍රකාශයකදී ඔහු වැඩිදුරටත් සදහන් කලේ මැතිවරණය කල් දැමීම සඳහා ආණුඩුව සැලසුම් කරන බවයි.


මිනිසුන්ගේ විරෝධය පිට වෙන්න තැනක් නෑ මැතිවරණය කල් දන්වා පහර දෙනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Post a Comment

0 Comments