විපක්ෂයේ වාඩිවී මාස හයක් ගතවුවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තවමත් සිටින්නේ ආණ්ඩුවේ නිල නිවෙසක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසුවා
රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට චෝදනා නගන ජයසේකර මුලින්ම කළ යුත්තේ ආණ්ඩුවේ නිල නිවෙසින් පිටව යෑම බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කලේ.
ආණ්ඩුව රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට දයාසිරි ජයසේකර ප්‍රකාශ කළ අවස්ථාවේදී පිළිතුරු ලබාදෙමින් කංචන විජේසේකර මෙසේ පැවසීය.
ආණ්ඩුවේ ගෙදරක ඉදන් විපක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න එපා. විපක්ෂයේ කාර්යභාරය කරනව නම් ආණ්ඩුවේ ගෙදරින් යන්න. වරප්‍රසාද සියල්ල අතහැරලා යන්න
කංචන විජේසේකරගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් දයාසිරි ජයසේකර සඳහන් කළේ
නිවසක් දෙන්න කියලා මම පාර්ලිමේන්තුවට ලිපියක් දීලා තිබෙනවා. මට කොළඹ නිවෙසක් නැහැ. ඒක දෙන්නේ හෙට උදේ මම යනවා. ඒ වෙනතෙක් විදුලි, ජල බිල් සියල්ල මම ගෙවලා තියෙනවා. එහෙම තියෙද්දි පුවත්පත් වල යනවා මම බිලක් ගෙවන්න තියෙනවා කියලා.

0 Comments