වාහන හිමියන්ට වැදගත් පණිවිඩයක්...

 


අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසා රට වටා සිටින පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන කෝටි ගණනින් වංචා කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවකුගේ පුත්‍රයකු සොයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරු හිටපු කැබිනට් ඇමැතිවරයකු මෙන්ම ප්‍රධාන පෙළේ දේශපාලකයකුගේ බෑණා කෙනකුද වන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අලෙවි කර පසුව මුදල් ලබාදෙන පොරොන්දුව මත ගෙන ගිය තම වාහන විකුණා ඒ සඳහා තමන්ට හිමිවිය යුතු මුදල් ලබා නොදුන් බවට පොලොන්නරුවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

Post a Comment

0 Comments