උපකාරක පන්තිවලට සහභාගීවන බව මව්පියන්ට පවසා ලැඟුම්හල් තුළ රැඳී සිටි ළාබාල යුවළ 3ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදුකර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් උපකාරක පන්තිවලට සහභාගීවන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බවයි.
ලාබාල වයසේ තරුණ තරුණියක් උපකාරක පන්ති මගහැර ලැඟුම්හල්වලට යන බවට ලද තොරතුරුවලට අනුව මෙම විමර්ශනය සිදුකර තිබේ.
ඒ අනුව පොලීසිය විසින් කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ලැඟුම්හල් පරීක්ෂා කිරීමේ දී මෙම ළාබාල යුවළ 3 සොයාගෙන ඇත.
මේ අතර අදාළ සෝදිසිකිරීම්වලදී ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන්තාවන් සිව්දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පසුව ආදාළ ලාබාල වයසේ පසුවූ අයගේ මව්පියන් පොලීසිය වෙත කැඳවා දැඩිලෙස අවවාද සිදුකර මුදාහැරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම ලාබාල වයස්වල පසුවන අයට නවාතැන් ලබාදුන් ලැඟුම්හල්වලට ද පොලීසිය විසින් අවසන් නිවේදන නිකුත්කර තිබේ.
මෙම විමර්ශනයේදී අත්අඩංගුවට ගෙන ඇති ගණිකා වෘත්තියේ නියැලුණු සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments