කොළඹ දිසාවේ සිදුව ඇති මහාපරිමාණ වංචා රැසකට සම්බන්ධ වී ඇත්තේ කාන්තාවන් බව කොළඹ වංචා විමර්ශන කාර්යංශය සඳහන් කරයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථාපිත මෙම ඒකකය මගින් කොළඹ දිසාව තුළ රුපියල් මිලියනයක් මිලියන දහයක් අතර සිදුව ඇති වංචා පිළිබඳ විමර්ශන සිදුකරනු ලබයි.
මෙම ඒකකය වෙත ලැබෙන පැමිණිලි විභාග කිරීමේ දී ඒ අතරින් සියයට හැත්තෑ පහකම පසුපස සිටින්නේ කාන්තාවන් බවත් එම ඒකකය පවසයි.
රාජ්‍ය ආයතන, මූල්‍ය ආයතන, ප්‍රධාන පෙළේ හෝටල් සහ ව්‍යාපාරික ආයතනවල සිදුව ඇති වංචා රැසක් පිළිබඳ පසුගිය කාලයේ පැමිණිලි ලැබූ බවත් ඒ අතරින් බොහෝමයක්ම සිදුකර ඇත්තේ එකී ආයතනවලම සේවය කරන කාන්තාවන් බවත් කොළඹ වංචා විමර්ශන ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඇතැම් කාන්තාවන් වංචා සම්බන්ධයෙන් විමර්ශන වෙනතක හැරවීම සඳහා පැමිණිලි කර තිබූ බවත් සිදුකළ විමර්ශනවලදී එම වංචා ඔවුන් විසින්ම සිදු කර ඇතැයි හෙළි වූ බවත් හෙතෙම සඳහන් කළේය.
0 Comments