ගෝඨාභය ගෙන් ප්‍රකාශයක් ගන්නැයි පොලීසියට නියෝගයක්...

 



අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) කොටුව පොලීසියට නියෝග කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න සිදුකළ ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිරිහානේ පිහිටි නිවසේ නොමැති බවට පොලීසිය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඔහු සිටින නිවසට ගොස් අදාළ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පොලීසියට නියෝග කළේය.

Post a Comment

0 Comments