ඉන්දියාවේ දිල්ලි අගනුවර ඩීසල් වාහන ධාවනයට පනවා ඇති තහනම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
දිල්ලි අගනුවර ඉහළ යන වායු දූෂණය හමුවේ මෙම තහනම ඊයේ දක්වා බලාත්මක වන පරිදි පනවා තිබුණා.
කෙසේ වෙතත් ඊයේ යළි නවදිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ ගොස් ඇති අතර, එම තත්වය හමුවේ තවදුරටත් එම තහනම පනවන්නේ ද නැතහොත් ඉවත් කරන්නේද යන්න අද තීරණය කරන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
0 Comments