හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී සුඛෝපභෝගී බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ යතුරු පැදිය පදවාගෙන ආ කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 42ක ගෝනපොල කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
අනතුරත් සමග රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් තිබේ.
අනතුර සිදුවෙන අවස්ථාවේ බස් රථයේ මගීන් සිට ඇතත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැත
0 Comments