ග්‍රෑම් දෙකේ තොණ්ඩුව ගැලවෙයි...

 



විෂ වර්ග අබින් හා අන්තරායකර පනත යටතේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් සඳහා ලබාදුන් මරණ දඬුවම ග්‍රෑම් දහයක් දක්වා වැඩිකිරීමට අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය මගින් යෝජනා කර ඇත.

ඊට අදාළ පනත අද (10) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. මීට පෙර හෙරොයින් ග්‍රෑම් දෙකක් සඳහා වූ දඬුවම මරණ දඬුවම, වසර විස්සක සිරදඬුවම හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියමකර තිබිණි.

එහෙත් නව පනත යටතේ එම දඬුවමට ග්‍රෑම් දහයක් දක්වා වැඩිකර තිබේ. ඒ අනුව ග්‍රෑම් දහයකට අඩු ප්‍රමාණයකට මහෙස්ත්‍රාත් අධිකරණයටත්, ග්‍රෑම් දහයකට වැඩි මහධිකරණයටත් ඉදිරිපත් කළ යුතු අතර ඊට අදාළ ඇප ඉල්ලීම අභියාචනාධිකරණයට යොමුකිරීම අදාළ යෝජනාවට පාර්ලිමේන්තු කාරකසභාවේදී එකඟ වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.



පාර්ලිමේන්තුවේ පැවැති උපදේශක කාරක සභාව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි. එම කාරක සභාවට තලතා අතුකෝරාල සහ අනූප පැස්කුවල් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද එක්ව සිටියහ. මෙම විෂයය සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන අය වශයෙන් ඇමැති අලි සබ්රි හා රවුෆ් හකීම් මන්ත්‍රිවරුන්ද එක්ව සිටි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Post a Comment

0 Comments