පිරිපහදුව වැහුවට අතිකාල දීමනා දිගටම...

 



බොරතෙල් නොමැති කම නිසා පසුගිය ඔක්තෝබර් 04 වැනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණත් එම මාසයේදීත් එහි සේවකයන්ට රුපියල් ලක්ෂ තුන්සිය හැටකට (360) අධික මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා තිබේ.

බොරතෙල් නොමැති වුවද පිරිපහදුව නඩත්තු කළ යුතු අතර එහි යන්ත්‍රවල උෂ්ණත්වය පවත්වාගෙන යාමට සෙල්සියස් අංශක දහසකට අධික උෂ්ණත්වයකින් යුතු උණුසුම් ජලය එහි නළවල පුරාව ඇති බව පිරිපහදු ආරංචි මාර්ග සඳහන් කරයි. එම තත්ත්වයන් මත හදිසි නඩත්තු කටයුතු සඳහා පිරිපහදුව ආසන්නයේ සංස්ථා වියදමින් නඩක්තු කරනු ලබන E කොට් නමැති හදිසි නඩත්තු කණ්ඩායමක් ලෙස අක්කර 10 ප්‍රදේශයේ ඉංජිනේරු අංශයත්, අක්කර 05 ප්‍රදේශයේ නිවාසවල සෙසු සේවකයන් පිරිසකුත් දිවා රාත්‍රියේ නවත්වා ගෙන සිටිති. එවැනි තත්ත්වන් මත පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නොමැති අවස්ථාවලදීද මේ සියලුම සේවකයන්ට අතිකාල ලබාදීම සංස්ථාවට අධික පාඩු සිදුවන්නක් බව සේවකයෝ පවසති.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ බොරතෙල් පිරිපහදු කිරීම නතර කෙරුණද එම නඩත්තු කටයුතු දිගටම සිදුකිරීමට සේවකයන් යෙදවීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බව සඳහන් කළේය.

Post a Comment

0 Comments