පාසල් සිසුන්ට දිවා ආහාරය දීම අරඹන දිනය...

 



දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

කොටහේන කුමර විදුහලේ ඊයේ (15) සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව අමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේ දී පිළිගත් අතර, දහවල් ආහාර වැඩසටහන සඳහා රජය රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Post a Comment

0 Comments