සෙනසුරාදා සහ ඉරිදා විදුලිය කැපෙන්නේ මෙහෙමයි...

 



සති අන්තයේ (සෙනසුරාදා 12 සහ ඉරිදා 13) පැයක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (11) පස්වරුවේ පැවසීය.

එමෛන්ම ලබන සඳුදා (14) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව ඔහු සදහන් කළේය.

ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’දක්වා කලාප 20 ට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක වැඩි දුරටත් කීය.

Post a Comment

0 Comments