ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු දිවිනසා ගනී...

 



ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි මංගල ගුණවර්ධන නමැති ව්‍යාපාරිකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අද දහවල් දිගන ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි ඔහුගේ කාර්යාලයේදී මෙලෙස වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

දිගන මංගල නමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඔහුට රථ වාහන විකිණීමේ මධ්‍යස්ථානයක් හා උකස් මධ්‍යස්ථානයක් හිමි අයෙකි.

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව බරපතළ තුවාල ලබා ඇති ව්‍යාපාරිකයා මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩිතබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

Post a Comment

0 Comments