එතනෝල් ආනයන බද්ද යළි ඉහළට...

 



විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගත සමයේදී විෂබීජනාශක දියර නිෂ්පාදනය සඳහා යොදාගැනීම හේතුවෙන් එතනෝල් ආනයන බද්ද පහත දැමුණි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජනාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු අතර ඊට යොදා ගැනුණු එතනෝල් බද්ද 2020 අප්‍රේල් 30 සහ ජුනි 09 යන දිනවල දී අවස්ථා දෙකක දී පහත දමා තිබුණි.

මේ අතර රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඉකුත් ජනවාරි මාසයේ දී එය රුපියල් 25ක් දක්වා පහත දැමුවද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් යළි බද්ද පෙර පැවැති මට්ටමට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments