ප්‍රබල භූ කම්පනයක්...

 



ඇෆ්ගනිස්ථානයේ බඩක්ෂාන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම භූ කම්පනය උතුරු පාකිස්තානයේ ප්‍රදේශ කිහිපයකට සහ තජිකිස්තානයටද දැනී තිබේ.

භූ කම්පනයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

මෙම භූ කම්පනයත් සමඟ තවත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය හැකි බව එරට බලධාරීන් වැඩිදුරටත් සදහන් කරයි.

Post a Comment

0 Comments