කන්දකාඩු රැඳවියන් පිරිසක් අතුරුදන්...

 



වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යැවූ රැඳවියන් 218ක් අතරින් පිරිසක් පළාගොස් තිබේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ ඉන් 20දෙනෙකු මෙලෙස පළාගොස් ඇති බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී පළාගොස් සිටි රැඳවියන් 6දෙනෙකු යළි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

පළාගොස් සිටින අනෙකුත් රැඳවියන් 14 දෙනා සොයා මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සිද්ධියෙන් රැඳවියන් 33ක් තවමත් අතුරුදන් බවය.

කෙසේවෙතත් කලහකාරී තත්ත්වය ඇතිවූ අවස්ථාවේදී පළාගිය රැඳවූවන් සොයා යුද හමුදාව සහ පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ

Post a Comment

0 Comments