මහරගම ඇරැව්වල පන්නිපිටිය පාරේ වෙළඳසැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් වෙළඳසැල් හිමිකාරියට පහර දී ඇය පැළඳ සිටි රන් මාලය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.
තියුණු ආයුධවලින් පහරකෑ කාන්තාව තුවාල ලබා සිහිසුන්ව වෙළඳසැල තුල ඇද වැටුණු අවස්ථාවේ ඇය පැළඳ සිටි රන්මාලය හා දේපළ කොල්ලකා පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොල්ලකරුවන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයේ අංකය හා වර්ණය පිළිබඳව අසල්වාසීන් විසින් දුරකථන ඇමතුමකින් පොලීසියට ලබාදී ඇති තොරතුරු මත සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි
පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව අසල්වාසීන් විසින් සුවසැරිය ගිලන් රථය කැඳවා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත යවා තිබේ.
55 වැනි වියේ පසුවන ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ තත්වය එතරම් බරපතළ නොවන බවත් හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
සැකකරුවන් හා පහර දීමට යොදාගත් තියුණු ආයුධ මෙන්ම කොල්ලකා රැගෙන ගිය රන්මාලය හා දේපල සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මේ වන විටත් විමර්ශන අරඹා තිබේ.
0 Comments