මැණික් මල්ලක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට...

 



ගල්ලෑල්ල, තමන්කඩුව ප්‍රදේශයේ දී මැණික් බවට සැකකරන මල්ලක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අක්කරපත්තු ප්‍රධාන මාර්ගයේ වැටලීමක් සිදු කර ඇත.

එහිදී මැණික් යැයි සැක සිතිය හැකි විවිධ වර්ණයෙන් යුතු පාෂාණ 188 ක්, මැණික් ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන ගල්ලෑල්ල, තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Post a Comment

0 Comments